පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී සහ වෙළඳසැල්වෙත ඇතුලුවීමේදී මුහුණු ආවරණ භාවිතය අනිවාර්යය බව මහ බ්‍රිතාන්‍යය එරට පුරවැසියන්ට යළි දැනුම් දී තිබෙනවා.
එරට තුළ පසුගිය සමයේ කොවිඩ් වසංගතය පාලනය කිරීමත් සමග මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යය වුනේ නැහැ.
කෙසේ වෙතත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රබේදය ආසාදිත රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග ලබන අගහරුවාදා සිට යලිත් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යය කිරීමටයි මහ බ්්‍රතාන්‍යය බළධාරින් තීරණය කර ඇත්තේ.
එමෙන්ම රටට ඇතුලුවන සියල්ලන්ට පී සී ආර් පරික්ෂණය අනිවාර්යය කිරීමටයි අග්‍රාමාත්‍ය ජොරිස් ජොන්සන් නියෝග කර ඇත්තේ.
ඔමික්‍රෝන් ප්‍රබේදය ආසාදිතයින් හඳුනාගැනීමත් සමග දකුණු අප්‍රිකානු කළාපයේ රටවල් 10ක සිට ගුවන් යානා පැමිණීමද මහ බ්්‍රතාන්‍යය විසින් තාවකාලිකව තහනම් කර තිබෙනවා.