පාසල් විවෘත කිරීම සමග පාසල් ළමුන් ප්‍රවාහනය, මාර්ග තදබදය සහ කඩා වැටී ඇති බස්රථ කර්මාන්තය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරමින් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග ඊයේ දිනයේදී සාකච්ඡාවක් පැවැත්වූ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව සිය සැළසුම් ඉදිරිපත් කරමින් දැනට පවතින ප්‍රායෝගික ගැටලූ පිලිබදව එහිදී පෙන්වා දුන් බවයි නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ.
