බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.
ඩීසල් මිළ ඉහළ යාම හමුවේ බස් ගාස්තු සංශෝධනයක් සිදුකරන්නේද ඩීසල් සහනාධාරයක් ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි නිව්ස් රේඩියෝ කල විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කලේ.
රුපියල් 20 කින් වැනි අගයකින් ඉන්ධන මිළ වැඩිවූයේ නම් පවතින ගාස්තුවේම සිටිමට බස් හිමියන් එකගවී සිටි බවත් දිලුම් අමුණුගම මහතා කියාසිටියා.
එහෙත් සැළකිය යුතු අගයකින් ඉන්ධන මිළ ඉහළ යාම හමුවේ කිසියම් තීරණයක් ගැනීමට සිදුවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ.
බස් සංගම් සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු මුදල් අමාත්‍යවරයා සමගද සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් කියාසිටියා.