සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන බස් රථ 323 ක රියැදුරන්ට හා වායුසමනය කළ බස් 70 ක රියැදුරන්ට පොලිසිය විසින් අවවාද කර තිබෙනවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ වෙලදසැල් 468 ක වෙලෙදුන් වෙතද අවවාද කළ බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කලේ.
බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගත් මෙම මෙහෙයුම පැවැත්වුනේ ඊයේ පස්වරු 2 සිට 4 දක්වායි.
ඊට පොලිස් නිලධාරින් 453 ක් එක්වුනා.
මගී ප්‍රවාහන බස් 929 ක් / වායු සමනය කළ බස් 206 ක් හා වෙලෙදසැල් 1178 ක් ද මෙහිදි පරීක්ෂාවට ලක් කෙරුණා.