තමන් ඉල්ලා සිටි ඉන්ධන සහනාධාරය වෙනුවට බස් ගාස්තු වැඩි කිරීමක් ලබාදීමට රජය අදහස් කරන්නේනම් අවම බස් ගාස්තුව රුපියල් 20 ක් හෝ ඊට වැඩි අගයක සංශෝධනයට ලක්විය යුතු බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය පවසනවා.
එසේම බස්ගාස්තු පිළිබද තීරණය ගැනීම සදහා රාජ්‍ය අමාත්‍යවරයාට කිසිදු අයිතියක් නොමැති බවද ඔවුන් අවධාරණය කරනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අද පෙරවරුවේ මාධ්‍ය අමතමින් මෙම අදහස් පළ කලා.