ඊයේ රාත්‍රී 10 සිට බලපැවැත්වෙන පරිදි සිපෙට්කෝ හා අයි ඕ සී න්ධන මිල ගණන් පහළ දමනු ලැබුවා. ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුකෙරුණා.
කෙසේ නමුත් ඉන්ධන මිල ඉහළ යාමේදී බස් ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අවධානය ගාස්තු පහළ දැමීමේදී යොමු නොවීම කණගාටුදායක තත්ත්වයක් බවයි සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය අවධාරණය කරන්නේ.
බස් ගාස්තු සංශෝධන සූත්‍රය, ව්‍යවස්ථාවටත් වඩා පැටලීමක් බවට මේ වන විට පත්වී තිබෙන අතර මීට සම්පුර්ණයෙන් ම වග කිව යුතු ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඇතුලූ ප්‍රවාහන බලධාරීන් දිගින් දිගටම මගී ජනතාවගේ අයිතිවාසිකම් පැහැර හරින බවට ඔවුන් චෝදනා කරනවා.
එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා අඩුකිරීමටත්, විද්‍යාත්මක ලෙස බස් ගාස්තු සංශෝධනයක් කරන ලෙසත් ඔවුන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා.