අන්තර් පළාත් බස් රථ ප්‍රවාහනයේදී විශේෂිත ක්‍රමවේද කිහිපයක් හදුන්වා දීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය යෝජනා කර තිබෙනවා.
ඒ අනුව අන්තර් පළාත් ප්‍රවාහනයේදී සහ පළාත තුළ බස් රථවල ගමන් කරන වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් විසින් කොවිඩ් මර්ධන එන්නත්කරණ කාඩ්පතෙහි ඡායා පිටපතක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව ඔවුන් පෙන්වා දෙනවා.
එසේ එන්නත්කරණය සිදුකර නොමැති පුද්ගලයින් බස් රථයේ ගමන්කරන්නේ නම් ඔවුන් සදහා දෙගුණයක බස් රථ ගාස්තුවක් අය කිරීමට ද තීරණය කර තිබෙනවා.
සුඛෝපබෝගි බස් රථවල ගමන්ගන්නා පුද්ගලයින් සදහාද එම ක්‍රමවේදය අනුගමනය කරන බවයි නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ.
මෙම යෝජනාමාලාව අද දිනයේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර හෙට දිනයේ සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැළසුම්කර ඇති බවද ගැමුණු විජේරත්න මහතා සදහන් කළා.