බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්ර නිකුත් කිරීම සතියේ වැඩකරන සියලූම දිනයන්හිදී සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.
රට තුළ පැවති ඉන්ධන අර්බුදයට මේ වනවිට සහනයක් ලැබී ඇති බැවින් එම තීරණය ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්රධාන ලේකම්වරයා පවසන්නේ.
ඒ අනුව, පසුගිය ජුනි 29 වනදා සිට කල් ඉකුත්වන, බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්ර සඳහා අගෝස්තු 31 වනදා දක්වා දඩ අයකිරීමක් සිදු කෙරෙන්නේ නැහැ.
