සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සදහා පොලිස් නිලධාරින් 476 දෙනෙකුගේ සහභාගිත්වයෙන් බස්නාහිර පළාතේ සිදුකළ මෙහෙයුමකදී සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ක්‍රියාකල වෙලදසැල් 480ක් සදහා පොලිසිය විසින් අවවාද කර තිබෙනවා.
ඊට අමතරව මගී ප්‍රවාහන බස් රථ 311කට සහ වායු සමනය කළ බස් රථ 49ක රියදුරන් සදහා අවවාද කළ බවයි පොලිසිය සදහන් කළේ.
ඊයේ පස්වරු 12 සිට පස්වරු 02 දක්වා කාලය තුළදීයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ.
මෙහිදී මගී ප්‍රවාහන සහ වායු සමනය කරන ලද බස් රථ 1076ක් හා වෙළදසැල් 1232ක් පොලිස් පරීක්ෂාවට ලක්ව තිබෙනවා.