2021 දෙසැම්බර් 31 වන විට බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමත කාර්ය මණ්ඩලයේ සේවක සංඛ්‍යාව ඉක්මවමින් දෛනික වැටුප් පදනම යටතේ සහ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින් 556 ක් සිටින බව කෝපා කමිටුවේදී අනාවරණය විය.
ඒ අනුව දෛනික වැටුප් පදනම යටතේ සේවකයින් 396ක් සහ කොන්ත්‍රාත් පදනම යටතේ සේවකයින් 160 ක් සිටින බව හෙලි විය.
මේ පිළිබඳ අනාවරණය වූයේ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ 2018,2019 සහ 2020 වර්ෂවල විගණකාධිපති වාර්තා හා වර්තමාන කාරයසාධනය පිළිබඳ පරීක්ෂාකිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (මහාචාර්ය) චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙම කාරක සභාවේ සභාපතිත්වය දරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කබීර් හෂීම් මහතා විසිනි.
මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම සේවකයින් අත්‍යාවශ්‍ය සේවකයින් බවයි. මෙම සේවකයින් ස්ථිර පදනම යටතේ බඳවා ගැනීමට අවස්ථා කිහිපයකම උත්සාහ දැරූ බවත් පවතින ආණ්ඩු වෙනස්වීම මත ප්‍රතිපත්ති වෙනස්වීම ඇතුළු කාරුණු කිහිපයක් නිසා එය කර ගැනීමට නොහැකි වූ බවයි. මෙම සේවකයින් ව්‍යාපෘති මත පදනම්ව බඳවාගත් බවත් එම ව්‍යාපෘතිවල ලාබයෙන් ඔවුන්ට වැටුප් ගෙවීම සිදු කළ බවත් ය.
මේ අනුව (මහාචාර්ය) චරිත හේරත් මහතා සහ පැමිණ සිටි මන්ත්‍රීවරුන් පැවසුවේ පසුගිය කාලසීමාව තුළ විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් පැවතියද වර්තමානයේ පවතින ඩොලර් අර්බුදය ඇතුළු කරුණු කිහිපයක් මත මාර්ග සංවර්ධන ව්‍යාපෘති අවම වී ඇති බවයි. මේ නිසා මෙම සේවකයින් සියලු දෙනාම ස්ථිර පදනම මත සේවයට බඳවා ගත හොත් ඔවුන්ට වැටුප් ගෙවීමට සිදු වන්නේ මහා භාණ්ඩාගාරයේ මුදලින් බවයි. එබැවින් අත්‍යාවශයම සේවකයින් පමණක් ස්ථිර කිරීම පිළිබඳ සොයාබලා කටයුතු කරන ලෙසත් අතිරික්ත පිරිසක් සිටී නම් වන්දියක් ලබාදී හෝ ඔවුන් ඉවත් කිරීම පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් පැමිණ සිටි මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. මෙහිදී මේ වන වාට ව්‍යාපෘති අඩු බැවින් අවශ්‍යතාවය අනුව මෙම සේවක සංක්‍යාව ප්‍රමුඛතා ලැයිස්තුව ඇතුළු වන සේ වාර්තාවක් මාස 3ක් ඇතුළත කෝපා කමිටුවට ලබා දෙන ලෙස (මහාචාර්ය) චරිත හේරත් මහතා නිර්දේශ කළේය.
එසේම 2012 වර්ෂයේදී රුපියල් මිලියන 158 ක් වියදම් කොට මිලදීගත් කොන්ක්‍රීට් ඇතුරුම් යන්ත්‍ර දෙකක් සහ මිලියන 6 ක් වටිනා කර්බ් යන්ත්‍රයක් මේ වන විටත් නිෂ්ක්‍රීය මට්ටමේ පැවතීම පිළිබඳවද සාකච්ඡා විය. මෙහිදී 2012 වසරේ සිට 2022 නොවැම්බර් දක්වා කොන්ක්‍රීට් ඇතුරුම් යන්ත්‍ර දෙක පැය 420 ක් පමණක් උපයෝජනය කොට ඇති බවත් කර්බ් යන්ත්‍රය 2012 වර්ශයේ සිට මේ දක්වාම නිෂ්කාර්යව පැවති බවත් අනාවරණය විය.
මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ 2011 වර්ෂයේදී පමණ විශාල වශයෙන් මාර්ග කොන්ක්‍රීට් කිරීම සිදු කළ බවත් මේ නිසා 2012දී මෙම යන්ත්‍ර මිලදී ගැනීමට කටයුතු කළ බවත්ය. නමුත් මෙම යන්ත්‍ර මිලදී ගැනීමේන් පසු මාර්ග වල කොන්ක්‍රීට් ඇතිරීම ක්‍රමයෙන් අඩු වූ බවත් එබැවින් මෙම යන්ත්‍රවල ප්‍රයෝජනවත් බව අඩු වූ බවයි. එබැවින් වර්තමානය වන විට මෙම යන්ත්‍ර දෙකෙන් එකක් පමණක් තමන්ට ප්‍රමාණවත් බව ඔවුහු පෙන්වා දුන්හ.
එසේම මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරිය පෙනවා දුන්නේ මෙම යන්ත්‍ර භාවිතයට ගැනීම සම්බන්ධයෙන් මේ වන විට වැඩපිළිවෙළක් අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සිදු කරමින් පවතින බවයි. එබැවින් ඉදිරියේදී එවා භාවිතයට ගැනීම සිදු වන බවයි.
මේ අනුව මෙහි ඉදිරි පියවර පිළිබඳවද මාස 3ක් ඇතුළත වාර්තාවක් කෝපා කමිටුවට ලබාදීමට නිර්දේශ කළේය.
තවද අධිකාරියේ අනුමත කාර්ය මණ්ඩලයේ නොමැති ව්‍යාපෘති සම්බන්ධීකරණ තනතුර නම් වූ තනතුරකට නිලධාරීන් දෙදෙනෙක් 2020 ඔක්තෝබර් සිට බඳවා ගැනීම පිළිබඳව සහ ඔවුන්ට ලබාදුන් වාහන කුලී සහ ඉන්ධන වියදම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ විශේෂ ව්‍යාපෘතීන් සඳහා මෙසේ නිලධාරීන් බඳවා ග්නනා බවත් එම ව්‍යාපෘතිය අවසන් වූ විට ඔවුන්ගේ සේවය අවසන් කරන බවත්ය. මේ අනුව මේ පිළිබඳවද මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස කෝපා කමිටුව නිර්දේශ කළේය.
මීට අමතරව අධිකාරියට අයත් වසර 20 පමණ පැරණි වාහන 6 ක් අස්ථානගතවීම පිළිබඳව, 2012 හා 2013 වර්ෂවලදී කොන්ත්‍රාත්රුවෙකු ණය පදනම මත ඇස්පෝල්ට් ලබාගැනීම සහ එම මුදල අයකරගැනීම පිළිබඳව හා තවත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
