බස්නාහිර පළාතට ඇතුලූවන සහ පිටවන ස්ථානවල අද දිනයේ සිට තවදුරටත් මාර්ග බාධක වැඩිකර ඒ සදහා පොලිස් නිලධාරින් වැඩි පිරිසක් යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
පළාත් අතර සංචරණ සීමා උල්ලංඝණය කරමින් බස්නාහිර පළාතට පැමිණෙන සහ පිටවන පිරිස් වැඩිවීම නිරීක්ෂණය වීම හමුවේයි මෙම පියවර ගෙන ඇත්තේ.
මේ අතර ඊයේ දිනයේදී නිරෝධායන රීති උල්ලංඝණය කල තවත් පුද්ගලයින් 93 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 53 දහස් 359 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියා.