බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරෙකුට පහරදී තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කලේ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔහු මේ වනවිට කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි නිහාල් තල්දූව මහතා සඳහන් කලේ.
මරණකරුගේ නිවස ඉදිරිපිට මාර්ගයේ අධික වේගයකින් යතුරුපැදියක් ධාවනය කිරීම සම්බන්ධ සිද්ධියක් මෙම ඝාතනයට හේතුව වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කලා.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.