අසාධ්‍ය මට්ටමේ රෝගීන්ට ලබාදෙන ප්‍රධාන ඖෂධ වර්ග 14 න් කිසිදු වර්ගයක් මේවන විට රෝහල් තුල හිග නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාපවසනවා.
ජලභීතිකා රෝගයට ලබාදෙන ඖෂධ වර්ගයෙහි යම් හිගයක් පැවතිනමුත් මේ වන විට එයද යථා තත්වයට පත් කර ඇති බවයි ඔහු අවධාරණයකළේ.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සදහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 664 න් මේ වන විට යම් හිගයක් පවතින්නේ ඖෂධ වර්ග49 ක් පමණක් බවද කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියා.
එහෙත් එම ඖෂධසදහාද විකල්ප ඖෂධ වර්ග පවතින බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.