පරාජය නියත බැවින් වත්මන් ආණ්ඩුව මේ මොහොතේදී ඡන්දයක් පැවැත්වීමට බියක් දක්වන බව සමගි ජනබලවේගය අද පාර්ලිමේන්තුවේදී සදහන් කලා.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා විවාදයේදී අදහස් පළ කරමින් ආණ්ඩුවට අවධාරණය කලේ වහාම ජන්දයක් පවත්වා ආණ්ඩුවේ ජනතා බලය පෙන්වීමට කටයුතු කරන ලෙසයි.
මේ ඊට පිළිතුරු ලබාදුන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනය කැපී පෙනෙන ලෙස වැඩි වූයේ අධික ලෙස ණය ලබාගෙන සිදුකල ඉදිකිරීම් නිසා බව එහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කියා සිටියා.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය ක්‍රියාවලියට වැඩි වශයෙන් දායකත්වය සපයා ඇත්තේ පසුගිය යහපාලන ආණ්ඩුව බවද ඔහු එහිදී සදහන් කලා.
මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයට හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන ආමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පිළිතුරු දීමත් සමග පාර්ලිමේන්තුවේ ඇති වූයේ මෙවන් තත්වයක්.