බයිලා රජු ලෙස නම් දරා සිටි ප්‍රවීණ ගායක ඩෙස්මන්ඩ් සිල්වා මහතා ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් නුවරදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයනවිට ඔහු 77 වන වියෙහි පසුවුණා.
හෘදයාබාධයක් හේතුවෙනුයි ඔහු මියගොස් ඇත්තේ.
සිඩ්නි නුවර වාසය කල ඩෙස්මන්ඩ් සිල්වා මහතා ප්‍රසංග කිහිපයකට සහභාගීවීම සඳහායි මෙල්බන් නුවර වෙත පැමිණ තිබුණේ.
යමං බණ්ඩො වෙසක් බලන්න – චූඩා මාණිකේ – පොල්කටු හැන්දෙ මිට වගේ ආදී ජනප්‍රිය වේග රිද්ම ගී රැසක් ඔහු විසින් ගායනා කර තිබුණා.
