බම්බලපිටිය ක්‍රෙස්ටර් පෙදෙසේ මහල් 07 ක ගොඩනැගිල්ලක ඉහල මහලින් බිමට වැටීමෙන් අවුරුදු 15 ක දරුවෙක් මියගොස් තිබෙනවා.
ගොඩනැගිල්ලෙන් බිමට වැටුණු පසු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරිමෙන් පසුවයි ඔහු මියගොස් ඇත්තේ.
මියගිය දරුවා බම්බලපිටිය ක්‍රෙස්ටර් පෙදෙසේ පදිංචි අයෙක්.
මෘත ශරීරය කොළඹ ජාතික රෝ්හලේ තැන්පත් කර ඇති අතර බම්බලපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා