බන්ධනාගාරගතව සිටින රැවියන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම අද (05) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
පළමු අදියර යටතේ කොළඹ මැගසින් බන්ධනාගාරය – කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් සදහා සයිනොෆාම් එන්නත ලබා දෙන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා කියා සිටියේ.
මෙම බන්ධනාගාර තුනෙහි රැදවියන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමෙන් අනතුරුව දිවයිනේ සෙසු බන්ධනාගාරවලටද එන්නත ලබා දීමටයි සැළසුම් කර ඇත්තේ.