ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට දිනය ජාතික විරෝධතා දිනයක් බවට නම් කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
ඒ අනුව, වෘත්තීය සමිති සියයකට අධික ප්‍රමාණයක් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට ඒකරාශී වෙමින් සිටින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වමිල් විජේසිංහ පැවසුවේ.
රජය ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියහ කුළා ගන්නා තෙක් සිය සටන අත් නොහරින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
