වෘත්තියවේදීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවයෙන් මෙතෙක් සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ සිය ඉල්ලීම්වලට දක්වන ප්‍රතිචාරය කුමක්දැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව විමසූ බවයි.
ඔහු සඳහන් කළේ අද දිනය තුළ තම ගැටළුවට සාධනීය විසඳුමක් නොලැබුණහොත් වෘත්තියවේදීන් ලබන 3 වනදා සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි.
ඉහළ නැංවූ බදුවලට එරෙහිව වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුලු වෘත්තියවේදීන් මීට පෙරද අවස්ථා කිහිපයකදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත වුණා.
