බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ මගී හා භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් හාලිඇල දී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
අද පෙරවරු 11ට පමණ අදාළ දුම්රිය පීලිපැනීමක ලක් වී ඇති අතර පීලිගත කිරීම සදහා තවත් පැය 5ක පමණ කාලයක් ගතවනු ඇති බවයි හාලිඇල දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
මේ හේතුවෙන් උඩරට මාර්ගයේ බදුල්ල දෙසට පැමිණෙන දුම්රියවල ප්‍රමාදවීමක් හෝ අවලංගු වීමක් සිදු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
දුම්රිය පීලිපැනීමට ලක්වීම හේතුවෙන් හාලි ඇල අවට මාර්ගයේ වාහන තදබදයක් පවතින බවද සදහන්.