පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අය අයව ආරක්ෂා කිරීම සදහා සමගි ජනබලවේගය කිසිදු උත්සහයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.
බදියුදීන් මන්ත්‍රීවරයා නාමිකව සමගි ජනබලවේගයට සම්බන්ධ වුවද සැබෑ ලෙස ආණ්ඩුවට පක්ෂග්රාහීව කටයුතු කල අයෙක් බවයි ඔහු අවධාරණය කරන්නේ.
අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලය්දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙක්ටර් අප්පුහාමි මහතා මෙම අදහස් පළ කලා.
මේ අතර හිටපු අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතා අද අධිකරණයේදී චෝදනා 08 කින් නිදහස් වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හෙක්ටර් අප්පුහාමි මහතාගෙන් මෙලෙස ප්‍රශ්ණ කලා.