පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශණ වෛද්‍ය ශාෆි ෂාබ්දීන් සම්බන්ධ විමර්ශණ මෙන් මාධ්‍ය සංදර්ශනයක් පමණක් නොවිය යුතු බව සමගි ජන බලවේගය අවධාරණය කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ රටේ කුමන පුද්ගලයෙකු වරදක් කර ඇත්නම් ඔහුට එරෙහිව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවයි.