මෙහෙකාර සේවයේ යෙදී සිටි වයස අවුරුදු 16ක දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිද සහ සැකකරුවන් 3දෙනා පැය 72ක් රදවා ප්‍රශ්ණ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර දී තිබෙනවා.
එමෙන්ම මීට පෙර මෙහෙකාර සේවයේ යෙදී සිටි තරුණියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිදගේ සහෝදරයාද රදවා ගනිමින් ප්‍රශ්ණ කිරීමට අධිකරණය අවසර දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
ඒ සැකකරුවන් සිව් දෙනා අද කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
එහිදී අනෙක් සැකකරුවන් තිදෙනා බොරැල්ල පොලීසියේ පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා අවසර දී තිබේ.
ඒ අනුව සැකකාරිය සහ සැකකරුවන් 03 ලබන සදුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද අජිත් රෝහණ මහතා සදහන් කළා.
ඒ අතර රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ පියා, ඇයගේ සහෝදරයා සහ දැරියව රැගෙන පැමිණි තැරැව්කරු වෙයි.
දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇයගේ පියා සහ සොහොයුරා, තැරැව්කරු ඊයේ (23) පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
