පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ නිවසේ සිටි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් පරීක්ෂණවලදී අදාළ දැරිය සිටි බව කියන කාමරයේ බිත්තියක ලියා තිබූ වැකියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබෙනවා.
හිටපු අමාත්‍ය නිළ නිවසේ ඊයේ සිදුකල බිත්ති පරීක්ෂාවකදී අදාළ කාමරයේ බිත්තියක ඉංග්‍රීසි අකුරින් දෙමළ අර්ථයක් ලැබෙන සේ ලියා තිබූ වැකියක් කෙරෙහියි විමර්ශණ කණ්ඩායම්වල විශේෂ අවධානය යොමු වී ඇත්තේ.
පොලීසිය සඳහන් කලේ (මාගේ මරණයට හේතුව) යන අර්ථය ගෙන එන වැකියක් එලෙස සටහන් කර ඇති බවයි.
එම අත් අකුරු මියගිය දැරියගේමද යන්න තහවුරු කර ගැනීම සදහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත් අකුරු පිළිබද විශේෂඥයින් විසින් විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.
මේ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.