පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සීමට ලක්වී 16 හැවිරිදි දැරියක මියයාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අදාල සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේ.
කොළඹදි මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.