පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන්ගේ නිවසේදී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද දිනයේදී පැය 09 කට ආසන්න කාලයක් පවත්වා තිබෙනවා.
ඒ ත්‍රි පුද්ගල විශේෂඥ මණ්ඩලය විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදීයි.
පෙරවරු 08 යි 30 ට ආරම්භ වූ පරීක්ෂණය පස්වරු 05 යි 15 පමණ වන තෙක් පැවති බවයි පොලිසිය සඳහන් කලේ.
එහිදි පළමුවෙන් විමසා බලා ඇත්තේ අභ්‍යන්තර තුවාල හෝ අස්ථි බිඳීම් සිදුව ඇතිද යන්න සම්බන්ධයෙනුයි.
අනතුරුව ඉදිරි විමර්ශන සඳහා සිරුරේ සාම්පල කොටස් ලබාගෙන තිබෙනවා.
ඉදිරියේදී මේ සම්බන්ධ පූර්ණ වාර්තාවක් ලබාදීමට නියමිත අතර එතෙක් දැරියගේ සිරුර පේරාදෙණිය රෝහලේ තැන්පත් කර තැබෙනු ඇති.
