බංග්ලාදේශ මහ බැංකුව ලබාදී තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය ගෙවීම සඳහා මෙරටට තවත් මාස 06ක කාලයක් ලබාදී තිබේ.
ශ්‍රී ලංකාවේ පවතින දිගුකාලීන ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ණය ආපසු ගෙවීම සඳහා කාලය දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ඉල්ලීමක් කර තිබුණි.
