විවිධ පාර්ශව පවසන ආකරයේ රට බංකොලොත්වීමේ තත්වයකට ශ්‍රී ලංකාව පත්වී නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනුයි මහබැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේ.
ගෙවීමට ඇති විදෙස් ණය සියල්ල ගෙවා දැමීමට හැකියාව පවතින බවට තමා විශ්වාස කරන බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙහිදී කියා සිටියා.