ප්‍රතිපත්ති පොළී අනුපාතිකයන් නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව නිත්‍ය තැන්පතු අනුපාතය සියයට 13.5 ක් ලෙසද නිත්‍ය ණය අනුපාතය සියයට 14.5 ක් ලෙසද අඛණ්ඩව පවතිනු ඇති.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව කියාසිටියේ ඉදිරියේදීත් උද්ධමනය ඉහළ යනු ඇතැයි පුරෝකථනය කරන බවයි.
එහෙත් මහ බැංකුව විසින් පසුගිය 08 වනදා හඳුන්වාදුන් මූල්‍ය රෙගුලාසි හමුවේ ආර්ථික පීඩනය පාලනය කරගැනීමට හැකි වනු ඇති බවයි මහ බැංකුව නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.
විනිමය අනුපාතිකයන් පාලනය සැහැල්ලු කිරීම හමුවේ ඉදිරියේදී රටට ලැබෙන විදේශ ප්‍රේෂණ තරමක් ඉහළ යනු ඇති බවටද මහ බැංකුව පුරෝකථනය කරනවා.
කෙසේවෙතත් දේශීය සහ ජාත්‍යන්තර ගැටලු හමුවේ සංචාරක ව්‍යාපාරයට තවදුරටත් බලපෑම් එල්ලවනු ඇති බවයි මහ බැංකුව අනාවැකි පළකරන්නේ.
එමෙන්ම බලශක්ති අර්බුදය හමුවේ ආර්ථික අවපාතය තවත් කාලයක් පවතිනු ඇති බවයි මහ බැංකුව අනාවැකි පළකරන්නේ.
අප්‍රේල් මාසය අවසන් වනවිට මෙරට දළ විදේශ සංචිත ප්‍රමාණය පැවතී ඇත්තේ ඩොලර් බිලියන 1.8 ක් ලෙසයි.
චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.5 ක විනිමය හුවමාරු පහසුකමද ඒ අතර වනවා.