පොහොර අර්බුදය හමුවේ වගා හානි සිදුවූ ගොවීන්ට වහා වන්දි ගෙවන්නැයි සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලීමක් කරනවා.
කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පෙන්වා දුන්නේ මෙම අර්බුදය නිර්මාණය වූයේ රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් බවයි.
මේ අතර ගෑස් සිලින්ඩර් පිපිරීම් හේතුවෙන් අලාභහානි සිදුවූ නිවෙස් වෙත වන්දි ලබාදීමට පියවර ගන්නැයිද කාවින්ද ජයවර්ධන මහතා මෙහිදී රජයෙන් ඉල්ලා සිටියා.