රසායනික පොහොර තහනම් කිරීමේ තීරණය ක්ෂණිකව ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයා වෙත ලැබුණු වැරදි උපදේශයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන් විජේලාල් ද සිල්වා මහතා පවසනවා.
මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රිවරයා කියා සිටියේ කාබනික වගාවට යොමුවිය යුත්තේ දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ඔස්සේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් බවයි.