උද්ගතව ඇති පොහොර ගැටලුව පිළිබද සාකච්ඡා කිරීම සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලීම පිළිබද කාරණය සම්බන්ධයෙන් අද සමගි ජනබලවේගයේ අවධානය යොමු වුණා.
ක්ෂේත්‍රයේ විද්වතුන් මෙලෙස රටේ ප්‍රධානියා හමුවී උපදෙස් ලබාදුන්නද අවසානයේදී ක්‍රියාත්මක වන්නේ ඒකාධිපති තීරණයක් බැවින් එම සාකච්ඡා සියල්ල අසාර්ථක විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කලා.
මේ අතර ඉදිරියේදී පැය 48 ක කාලයක් සමස්ථ රටම අදුරේ තබන බවට පළවන ප්‍රකාශ සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් හැරිසන් මහතාගෙන් ප්‍රශ්ණ කලා.