පොහොර ඇතිව හෝ නැතිව ගොවිජනතාවගේ ආදායම සියයට සියයකින් ඉහල නංවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිඥා දෙනවා.
අනුරාධපුරයේ අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුලුවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ.
ගොවි ජනතාව වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට තමා පසුබවට නොවන බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.
යහපාලන සමයේදී රට මුහුණදුන් අත්දැකිම් පිළිබදවද ජනාධිපතිවරයා මෙහිදි සිහිපත් කළා.