මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සදහා මෙතෙක් පොහොර නොමැති අර්බුදයට විසදුම් ඉල්ලා අදත් (20) දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවි උද්ඝෝෂණ පැවැත්වුණා.
කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ අද පෙරවරුවේ විරෝධතාවක් පැවති අතර ප්‍රදේශයේ ගොවි සංවිධාන රැසක ගොවීන් මෙම විරෝධතාවට එක්ව සිටියා.
පොහොර නොමැතිව මුහුණ දී ඇති අර්බුදය පිළිබද ගොවීන් විරෝධතාවයේදී මෙලෙස අදහස් පළ කළා. –
මහියංගනය දඹගොල්ල වෙල් යායේ අද පෙරවරුවේ විරෝධතාවක් පැවති අතර තමන් මුහුණ දී ඇති පොහොර අර්බුදය සම්බන්ධයෙන් ගොවීන් මෙලෙස පැහැදිලි කළා.