කෘෂිකර්ම අමාත්යාංශය 2019 වසරේ සිට පොහොර සමාගම්වලට රසායනික පොහොර සඳහා රුපියල් මිලියන 29,000 ක් හා කාබනික පොහොර සඳහා රුපියල් මිලියන 5000 ක් ගෙවීමට ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය අවධාරණය කරනවා.
ඉදිරියේ දී ආහාර බෝග වගාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බෝග නායකයින් හමු වූ අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතායි මේ බව කියා සිටියේ.
මෙම සාකච්ඡාවේදී බෝග නායකයින් පෙන්වා දුන්නේ ආහාර බෝග වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර, කෘමි නාශයක හා වල් නාශක නොමැතිකම හේතුවෙන් අස්වනු අවම වීමත් , ගොවි උනන්දුව පිරිහීමත් බලපෑමක් වී ඇති බවයි.
මේ අතර යල කන්නයේ අස්වැන්න සියයට 50ක් දක්වා අඩු විය හැකි බවත්, එහෙත් මීලÛ මහ කන්නයේ සිට හිගයකින් තොරව රසායනික පොහොර, කෘමි නාශක හා වල් නාශක ලබා දීමට කටයුතු කිරීම සිය ඉළක්කය බව ද මහින්ද අමරවීර මහතා මෙහිදී සදහන් කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේ.
