මීට පෙර මෙරට පැවති බොහෝ සන්ධානවල ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වුවත් වර්තමානයේ එසේ නොවන බව එහි ඇතැම් මන්ත්‍රීවරුන්ට අමතක වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කලා.
අතීත සන්ධාන තුළ නිදහස් පක්ෂයට තිබූ බලය වැඩි නමුත් වර්තමානයේ තත්වය වෙනස් නිසා තනතුරු ලැබීමේදී හා විවිධ කරුණුවලදී පොදුජන පෙරමුණේ අදහස්වලට අනුකූලතාවක් දැක්වීමට ඔවුන්ට සිදුවන බවයි කාරියවසම් මහතා කියාසිටියේ.
සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී අද පැවති මාධ්‍ය හමුවකදීයි.
