ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුව ස්ථාපිත කළ පසු සහෝදර පක්ෂ සමග කිසිදු නිළ සාකච්ඡාවක් පවත්වා නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා චෝදනා කරනවා.
නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එවන් පසුබිමක නිදහස් පක්ෂයේ පිරිස් පළ කරන අදහස් විචේචන ලෙස භාර ගන්නේද නැත්නම් විචාර ලෙස භාර ගන්නේදැයි යන කරුණ අදාල පාර්ශව වලට නිශ්චිතව අවබෝධ විය යුතු බවයි.