වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල හිටපු සභිකයින් පිරිසක් අද එක්සත් ජාතික පක්ෂයට එක්වුණා.
වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයේ තරග කරන කසුන් සුමතිපාලද ඒ අතරට අයත්.
ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මීට පෙර තරගකර එම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ලෙස කටයුතු කරනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සදහා තමන් එලෙස එක්සත් ජාතික පක්ෂයට එක්වන බවයි එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බංඩාර වවුනියාව දිස්ත්‍රික්කයේ අද සිදුකළ සංචාරයකදී එම පිරිස පවසා ඇත්තේ.
ඒ අතර වවුනියාව දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ප්‍රේමරත්න සුමතිපාලද එහිදි කියා සිටියේ තමන්ද ජනාධිපතිවරයාට සහය ලබා දෙන බවයි.