සමස්ත රටත් ජනතාවත් රැවටීමේ ක්‍රියාවළියකට වත්මන් ආණ්ඩුව යොමුව ඇත්දැයි බරපතල සැකයක් පවතින බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ගෙවිඳු කුමාරතුංග මහතා පවසනවා.
ජාතික නිදහස් පෙරමුණ – පිවිතුරු හෙළ උරුමය ඇතුලු පක්ෂ 11ක් ඒකාබද්ධව පවත්වන මහජන මන්ත්‍රණ සභාව සම්මන්ත්‍රණ මාලාවේ දෙවන සැසිය ඊයේ (14) ඇහැළියගොඩ ප්‍රදේශයේදී පැවැති අතර එම සම්මන්ත්‍රණයේදී අදහස් දක්වමිනුයි ගෙවිඳු කුමාරතුංග මහතා මේ බව සඳහන් කළේ.