විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතත් ඒ සම්බන්ධයෙන් පාර්ශව රැසක් සමග තවදුරටත් සාකච්ඡා කරන බව සමගි ජනබලවේගය පවසනවා.
පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියාසිටියේ පොදුජන පෙරමුණේ කළකිරුණු මන්ත්‍රීවරුන් සමගද ඒ අනුව සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇති බවයි.
