පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.
පොසොන් උත්සවය වෙනුවෙන් දිවයින පුරා පැවැත්වීම සදහා දන්සැල් 17,180 ක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඵහි සභාපති උපුල් රෝහණ පැවසුවේ ඒ අතරින් වැඩිම දන්සැල් ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇත්තේ බස්නාහිර පළාත සහ උතුරු මැද පළාත තුළ බවයි.
දන්සල් වල ලබාදෙන සියලු ආහාර මහජනතාවට හිතකර වන අයුරින් ලබා දිය යුතු බවත් ඵලෙස නොකරන දන්සැල් තිබේනම් ඵම දන්සල් සංවිධාන කල අයට ඵරෙහිව නීතිමය පියවර ගන්නා බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් සදහන් කළා.