ශ්‍රී ලංකා පොලිසිය කොළඹ මහ නගර සභාව සමග ඒකාබද්ධව කොළඹ නගරයේ ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩපිළිවෙල අද පෙරවරු 9 ට ආරම්භ වුනා.
ඒ කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුර ආශ්‍රීත ප්‍රදේශය හා මෝදර බොන්ස්ටාර් ක්‍රීඩාංගනයේදියි.
කොළඹ නගරයේ අවුරුදු 30 ට වැඩි ජනතාවට මෙම ස්ථානවලින් එන්නත් ලබා ගත හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.