පොලිස්පති සී ඩී වික්‍රමරත්නට මාස 3ක සේවා දිගුවක් ලබා දී තිබෙනවා.
ඒ පිළිබඳව තීරණයට එළඹ ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමඟ ජනාධිපතිවරයා සිදුකළ සාකච්ඡාවකදීයි.
එම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඊට ජනාධිපති ලේකම් සමන් ඒකනායකද සහභාගී වී තිබෙනවා.
පොලිස්පති සී ඩී වික්‍රමරත්නගේ නිල සේවා කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබුණා.
