පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සඳහා මාර්තු මස 26 වන දා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක සේවා දිගුවක් ලබා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් යුතුව නිකුත් වී තිබෙනවා.
පසුගිය මාර්තු මස 25 වන දා විශ්‍රාම ගැනීමට නියමිතව සිටි පොලිස්පතිවරයා සඳහා සේවා දිගුවක් ලබා දීමේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි අදාල තීරණයට එළඹියේ.
