පොලිතීන්වලින් නිෂ්පාදනය කෙරෙන ලන්ච් ෂීට්, නිෂ්පාදනය / අලෙවිය හා භාවිතය අද සිට තහනම් වනවා.
නොදිරන ලන්ච් ෂීට් මගින් වන පරිසර හානිය පිළිබද සලකා බලමිනුයි පරිසර අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත්තේ.
මෙම නියමය කඩ කරන පිරිස් සොයා අද සිට වැටලිම් ආරම්භ කරන බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ.