පොරොවකින් පහරදී සිය සැමියා ඝාතනය කල කාන්තාවක කුරුවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ 34 හැවිරිදි අයෙකු බවයි පොලිසිය සඳහන් කලේ.
මරණකරු මීට පෙර අවස්ථා කිහිපයකදීම බීමත්ව නිවසට පැමිණ බිරිඳට පහරදී තිබෙනවා.
ඊයේ රාත්‍රියේත් ඔහු තියුණූ ආයුධයක් සහ ඇසිඩ් බෝතලයක් රැගෙන පැමිණ බිරිඳ ඝාතනය කරන බවට තර්ජනය කර තිබෙනවා.
එහිදී පොරවක් රැගෙන පැමිණ ඇති බිරිඳ පොරවකින් පහරදී සිය සැමියා ඝාතනය කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.
දෙදරු මවක වන 31 හැවිරිදි සැකකාරිය මේ වනවිට කුරුවිට පොලිසිය භාරයේ සිටින අතර මියගිය සැමියාගේ මළ සිරුර රත්නපුර රෝහලේ තබා තිබෙනවා.