පොදු ස්ථාන වලට ඇතුළු වීම සඳහා කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන තිබීම අනිවාර්ය කිරීම සඳහා නීතිපති උපදෙස් ලැබී ඇති බැවින් එය කඩිනමින් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන නොමැති අයට පොදු ස්ථාන වලට ඇතුළු විය නොහැකි ලෙස වාරණයක් ගෙන ඒමට ඇති හැකියාව සම්බන්ධව නීතිපති උපදෙස් පැතූ බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළකළේ අද මහනුවර ජාතික රෝහලට පැමිණි අවස්ථාවේදි මාධ්‍යයට අදහස් දක්වමින්.
මේ අතර නීතිපතිවරයා කරන කරුණු පැහැදිලි කිරිමේ මෙරට නීතිය බවට පත් නොවන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පෙන්වා දෙනවා.
පොදු ස්ථානවලට ඇතුලුවිමේදි කොරෝනා මර්ධන එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීමේ හැකියාව පිළිබද නීතිපතිවරයා කර ඇත්තේ මතයක් ඉදිරිපත් කිරීම පමණක් බවයි පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.