කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට පාසල් / කාර්යාල / පොදු ස්ථාන සහ වෙනත් ගොඩනැගිලි විශබීජහරණයට ලක් කිරීම විද්‍යාත්මක පදනමක් නොමැති ක්‍රියාවක් බව සෞඛ්‍ය අංශ පවසනවා.
කොවිඩ් වසංගතය ආරම්භ වූ මුල් අවධියේ දී නොදැනුවත්භාවය නිසා ලෝකයේ බොහොමයක් රටවල ඇතැම් ස්ථාන විෂබීජහරණය සහ ජීවානුහරණය කිරීම සිදු වුව ද එය නිශ්ඵල ක්‍රියාවක් බවට මේ වන විට තහවුරු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙම කරුණ සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා අදහස් පළ කළා.
එළඹෙන කාලයේදී පාසල් විවෘත කිරීමේ දී එම පාසල් විෂබීජහරණය සිදු කිරීමට යොමු වීම ඵල රහිත ක්‍රියාවක් බව ද ඔහු එහිදී අවධාරණය කළා.
මෙම මාධ්‍ය හමුවට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබද විශේෂඥ වෛද්‍ය ශිරාණි චන්ද්‍රසිරි මහත්මිය ද එක්ව සිටියා.
විෂබීජහරණය සඳහා යොදාගනු ලබන ක්ලෝරින් / සැනිටයිසර් වැනි දියර වර්ග පරිසරයට එකතු කිරීමෙන් පසු කාලීනව විවිධ රෝගාබාධ පවා ඇතිවිය හැකි බවයි ඇය අවධාරණය කළේ.
කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීමට නම් සිදු කළ යුත්තේ විෂබීජහරණය සිදු කිරීම නොව මුව ආවරණය නිසි පරිදි භාවිත කරමින් වෛරසය ශරීරගත වීම වළක්වා ගැනීම බවයි ශිරාණි චන්ද්‍රසිරි මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ.