ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට යුරෝපයෙන් තවත් කොවිඩ් මරණ ලක්ෂ 05 ඉක්මවා වාර්තා විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.
යුරෝපය තුළ යළිත් වරක් දරුනු කොවිඩ් ව්‍යාප්තියක් සිදුවිය හැකි බවටයි එම සංවිධානය අනාවැකි පළ කරන්නේ.
කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගන්නා පුද්ගලයන්ගේ කැපි පෙනෙන අඩුව ඊට හේතුවයි.
මේ අනුව යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ රටවල් 53 ක් ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණයකින් පසුවයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනතුරු ඇගවීම කර ඇත්තේ.
පසුගිය සතියේ පමණක් රුසියාවෙන් මරණ 8100 ක් සහ යුක්රේනයෙන් මරණ 3800 ක් වාර්තා වී තිබුනා.
එමෙන්ම ජර්මනිය – ප්‍රංශය – ස්පාඤ්ඤය යන රටවලද කොවිඩ් මරණවල කැපී පෙනෙන වර්ධනයක් පසුගිය සති කිහිපයේදී දක්නට ලැබුණා.
මේ වනවිට ලොවපුරා වාර්තාවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 249 ඉක්මවා ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව මිලියන 05 ඉක්මවා තිබෙනවා.