පවතින ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය සේවකයින්ද දැඩිලෙස බලපෑමකට ලක්ව ඇති බව දුම්රිය ස්ථානාධිපතවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.
එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් කියා සිටියේ නිල නිවාස නොමැති බොහෝ දුම්රිය සේවකයින් සාමාන්‍ය ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන බවයි.
ඒ අනුව ඉන්ධන අර්බුදය සමග සේවකයින්ට සේවයට වාර්තා කිරීමට නොහැකි වුවහොත් ඉදිරියේදී දුම්රිය ධාවනය අඩාලවීමට අවදානමක් ඇති බවද සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් පැහැදිලි කළා.